ඉන්දියාවේ ‘ජී20’ සමුළුවට විරෝධයක්



මෙවර ‘ජී20’ සමුළුව ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් නුවර පැවැත්වීමට ඉන්දීය රජය ගත් තීරණයට පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල වෙයි.

‘ජී 20’ සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 22 වැනිදා සිට 24 දක්වාය. ජී 20 රටවල ලෝක නායකයෝ සමුළුවට සහභාගී වීමට ඉන්දියාවට පැමිණෙති.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් පවතින්නේ, ජම්මු කාශ්මීරය මුල්කොට ගනිමිනි. ඉන්දියාවේ පැවැත්වෙන ‘ජී20’ සමුළුව වර්ජනය කිරීමට ද පාකිස්තානය කටයුතු කරනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS