ඉන්දියාවේ ප්‍රන්ත 6 ක ආසාදිතයෝ නැහැ
ඉන්දියාවේ ප්‍රන්ත හයකින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පහව ගොස් ඇතැයි ඉන්දීය වෛද්‍ය සභාව ඊයේ (29) පැවැසුවේය.
ඉන්දීය වෛද්‍ය සභාව මෙසේ පැවැසුවේ දින 14 කින් මෙම ප්‍රාන්තවලින් නව ආසාදිතයන් හමු නොවීමත් සහ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සියල්ල සුවය ලබා නිවෙස් බලා යෑමත් සැලකිල්ලට ගනිමිනි. ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා නොවන එම ප්‍රාන්ත වන්නේ සික්කිම්, නාගලන්තය, ඇසෑමය, අරුණාචල්, මනිපූර් සහ ත්‍රීපුර යැයි ඉන්දීය වෛද්‍ය සභාව පවසා තිබේ.
මේ වනවිට ඉන්දියාව මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි ප්රමුඛ මධ්‍යම රජය කටයුතු කර ඇත. එසේ වුවත් සෞඛ්‍යාරක්ෂිතව ගොවිතැන් කටයුතු සහ අත්‍යාවශ්‍ය සේවාවල නියැලීමට ජනතාවට අවසර හිමිවී තිබේ.
ඊයේ (29) වනවිට ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 29,900 පසු කර තිබුණු අතර, ‘කොවිඞ් 19’ මරණ වාර්තා වූයේ 697 ක් ලෙසිනි. මිලියන 3 කට වැඩි ජනහගනයක් වෙසෙන ඉන්දියාව ලොක්ඩවුන් කිරීමට අගමැති මෝදි පියවර ගත්තේ පසුගිය මාර්තු 25 වැනිදා සිටය.
ගුවහාතීහිදීය (එන්.ඩී.ටීවී.)