ඉන්දියාවේ ඇෆ්ගන් තානාපති කාර්යාලය ඉවත් කර ගැනෙයි



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කළේය. ඇෆ්ගන් තලේබාන් රජය මෙසේ තීරණය කළේ තමන්ට අවශ්‍ය සහාය, ඉන්දීය රජයෙන් නොලැබෙන බව පෙන්වා දෙමිනි.

ඉන්දියාවෙන් තමන්ට අවශ්‍ය සහාය නොලැබෙන්නේ නම්, ඉන්දියාව සමඟ තානාපති සබඳතා පවත්වා ගැනීම අවශ්‍ය නොවන බව ද ඇෆ්ගන් තලේබාන් රජය පෙන්වා දී තිබේ. තමන් මෙම තීරණය ගත්තේ කනගාටුවෙන් බව ද ඇෆ්ගන් තලේබාන් රජය වැඩි දුරටත් පවසා ඇත.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගනිමින්, නව රජයක් පිහිටූයේ 2021 අගෝස්තු මාසයේය. ඒ, ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසුවය. අද තලේබාන්වරුන් ඔවුන්ගේ ෂරීයා නීතියට අනුකූලව ඇෆ්ගනිස්තානයේ රජයක් පිහිටුවා තිබේ. එම ෂරියා නීතිය යටතේ බාලිකා අධ්‍යාපනය තහනම්ය. කාන්තාවන්ට රැකියා කිරීම තහනම්ය.

ඇෆ්ගන් තලේබාන් රජය දිගින් දිගටම මානව හිමිකම් කඩකරන බවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරයි. ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් කඩවීම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අප්‍රසාදයට ද හේතුවක් වී ඇත. සෙසු රටවලින් පමණක් නොව, ඉන්දියාවෙන් ද ඇෆ්ගනිස්තානයට ප්‍රමාණවත් සහායක් නොලැබීමට මෙය හේතුවක් වී තිබේ.


RECOMMEND POSTS