ඉන්දියාවේ ආසාදිතයන් ගණන ඉහළට



ඉන්දියාවෙන් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස  ආසාදිතයන් 315 ක් හමුවී ඇති අතර මරණ 6 ක් වාර්තා වේ.

ඉන්දියාවෙන් හමුවුණු ආසාදිතයන් බොහෝ දෙනකු විදේශවලින් පැමිණි අය යැයි පැවැසෙයි. මියගිය පුද්ගලයන් ද විදේශවලින් ඉන්දියාවට පැමිණි ඉන්දියානුවන්ය.

වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය සති අන්තයේ ඉන්දියාව පුරා ඇඳිරි නීතිය පැනැවීමට පියවර ගෙන තිබුණි. ඇඳිරි නීතිය පැනැවීමට පෙර අග්‍රාමාත්‍ය මෝදි පැහැදිලි කළේ එය ‘ජනතා ඇඳිරි නීතියක්’ කියාය.

ඇඳිරි නීතිය පැනැවීමත් සමඟ ඉන්දියාව පුරා සියලු දුම්රිය නැවැත්වීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කළේය. දුම්රිය යළි ධාවනය වනු ඇත්තේ ලබන මාර්තු 31 වැනිදා යැයි පැවැසෙයි. දුම්රිය ධාවනය අත්හිටුවීමත් සමඟ මිලියන ගණනක් ඉන්දීය වැසියන් මහත් සේ අපහසුතාවට පත් වූ බව ද වාර්තා වේ.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS