ඉන්දිය හමුදා රෝහලේ විස්මිත සැත්කමක්



ඉන්දියාවේ දිල්ලි හමුදා රෝහලේ දී ස්නායු ආබාධ තත්ත්වයකින් පෙළෙනු හමුදා නිලධාරියකුගේ සිවු හැවිරිදි දියණියකට සැත්කමක් සිදු කෙරුණි.

මෙවැනි සැත්කමක් සිදු කළ පළමු රජයේ රෝහල ලෙස මෙම දිල්ලි හමුදා රෝහල සැලකෙයි.

ඉන්දීය හමුදාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත්තේ මහත් සතුටිනි.

සැත්කම පැය 12 තක් තිස්සේ සිදුවුණු අතර, ENT ශල්‍ය වෛද්‍යවරුන්, ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්, ස්නායු නිර්වින්දන වෛද්‍යවරුන් සහ ශ්‍රව්‍ය වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සැත්කම මෙහෙයවනු ලැබුණි.

(ද ප්‍රින්ට් වෙබි අඩවිය ඇසුරිනි)


RECOMMEND POSTS