ඉතියෝපියාව පුරා මුස්ලිම් විරෝධයක්
අප්‍රිකාවට අයත් ඉතියෝපියාවේ මුස්ලිම් විරෝධයක් හටගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.
මුස්ලිම් විරෝධය හටගෙන ඇත්තේ අම්හාරා පළාතේය. මුස්ලිම් පල්ලි 4 ක් ගිනි තබා විනාශ කිරීමට කලහකාරීහු කටයුතු කළහ. මුස්ලිම් විරෝධය උත්සන්න වී ඇතැයි පැවැසෙන්නේ මොට්ටා නමැති නගරයේය.
ඉතියෝපියාව ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන රටකි. ක්‍රිස්තියානි වැසියන්ගේ ප්‍රතිශතය සියයට 62 කි. මුස්ලිම් ප්‍රතිශතය සියයට 33.9 ක් යැයි පැවැසෙයි. ඉතියෝපියාවේ ද ව්‍යාපාරික කටයුතු සිදු කරන්නේ මුස්ලිම් ප්රජාවය. මුස්ලිම් ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් ද ප්රචණ්ඩ ක්‍රියා සිදුවන බව වාර්තා වේ.
අන්තවාදීන් ආගමික ගැටුමක් නිර්මාණය කරමින් රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නවා යැයි ඉතියෝපියා අගමැති ඇබී අහ්මද් චෝදනා කර ඇත.
අඩිස් අබාබාහිදීය (ඒ.එෆ්.පී.)