ඉතියෝපියා වේල්ල සම්බන්ධයෙන් එකඟතාවක්



ආන්දෝලනයකට තුඩු දුන් වේල්ල සම්බන්ධයෙන්, තමන් ඊජිප්තුව සහ සුඩානය අතර එකඟතාවක් ඇති කර ගත්තේ යැයි ඉතියෝපියා අගමැති ඇබේ අහ්මද් පැවැසුවේය.

ඉතියෝපියාව මෙම දැවැන්ත වේල්ල ඉදි කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 4.6 ක මුදලක් වැය කරමිනි. වේල්ල ඉදිවන්නේ නයිල් නදිය හරස් කරමිණි.

නයිල් නදිය ඉතියෝපියාවට, ඊජිප්තුවට සහ සුඩානයට පොදුය. ඊජිප්තුව සහ සුඩානය චෝදනා කරන්නේ ඉතියෝපියාව, නයිල් නදිය  හරස් කරමින් මෙම වේල්ල ඉදිකර ඇති බැවින්, තමන්ට ජල අර්බුදයකට මුහුණ පෑමට සිදුවුණු බවය.

වේල්ල සම්බන්ධයෙන් ඉතියෝපියාව, ඊජිප්තුව සහ සුඩානය අතරේ හටගත් අර්බුදය විසඳීමට අප්‍රිකා සංගමය සහ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා මැදිවිය. රටවල් තුන අතරේ එකඟත්වයක් ඇති කර ගැනුනේ ඒ අනුව යැයි ඉතියෝපියා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අඩිස් අබාබාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS