ඉතාලිය චීනය අභිබවා යයි
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ සිදුවුණු මරණ සංඛ්‍යාව චීනයේ සිදුවුණු මරණ සංඛ්‍යාව අභිබවා ගොස් ඇත.
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. කෙසේ නමුත් අද වනවිට යුරෝපය වයිරසයේ අපිකේන්ද්‍රය බවට පත් වී අවසන්ය.
ඉතාලියෙන් මේ වනවිට කොරෝනා ආසාදිත මරණ 3,405 ක් වාර්තා වේ. ඉතාලියේ ආසාදිතයන් ගණන 41,035 කි. සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 4,440 කි.
(රොයිටර්)