ඉතාලි පුරපති වයිරසයෙන් මරුට
ඉතාලියේ බර්ගාමෝ පළාතේ සෙනෙ නගරයේ නගරාධිපති ජෝර්ජියෝ වැලොටි ‘කෝයිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් මියගියේය.
නගරය නිරෝධායනය කිරීමේ කටයුතුවලට 70 හැවිරිදි ජෝර්ජියෝ වැලොටි සම්බන්ධ විය. ඔහු පෞද්ගලිකව ගොස් වයිරස ආසාදිතයන්ගේ සුවදුක් විමසා බැලූ බව ද පැවැසෙයි.
ජෝර්ජියෝ වැලොටි ඉතාලියේ අන්ත දක්ෂිණාංශික ‘ද ලීග්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. පක්ෂයේ නායක මැටේඕ සල්වීනි, නගරාධිපතිවරයා සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර ඇත.
(රොයිටර්)