ඇෆ්ගනිස්තානයට මහ වැසි - හිමපතන



මහ වැසි සහ අධික හිමපතන හේතුවෙන් ඇෆ්ගන් වැසියන් 39 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ඇෆ්ගන් ප්‍රාන්ත සහ දිස්ත්‍රික්ක රැසකට මහ වැසිවලින් සහ අධික හිමතනයෙන් බාධා එල්ල වී ඇත. ඊට අමතරව, ගමනාගමන කටයුතු සහ සන්නිවේදන කටයුතු අඩපණ වී ඇති බව ද වාර්තා වේ.

මේ අතර අධික හිම පතනය හේතුවෙන් ගොවිපොල සතුන් සිය ගණනක් ද මියගොස් ඇති බව ඇෆ්ගන් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS