ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්



රික්ටර් පරිමානයේ ඒකක 4.8 ක් සටහන් කළ භූමි කම්පාවකින් දකුණු ඇෆ්ගනිස්තානය දෙදරා ගියේය. භූමි කම්පාව හටගත්තේ අලුයම 12.49 ටය.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 215 ක් පොළොව ගැඹුරින් පිහිටන බව භූ විද්‍යාඥයෝ පවසති. භූමි කම්පාවෙන් කිසිදු අනතුරක් සිදු නොවුනු බව ද පැවැසෙයි.

ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූමි කම්පා හට ගැනීම බහුලව සිදුවෙයි.


RECOMMEND POSTS