ඇෆ්ගනිස්තානයට දෙන ආධාර නවත්වන්නේ නෑ



ඇෆ්ගන් තලේබාන් රජය, එරට කාන්තාවන් සම්බන්ධයෙන් ගන්නා දළදඬු තීරණ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළත්, තමන් ඇෆ්ගනිස්තානයට ලබා දෙන ආධාර නැවැත්වීමේ අදහසක් නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලි කර තිබේ.

ඇෆ්ගන් තලේබාන් පාලකයන්, ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින්, කාන්තා අයිතීන් උල්ලංඝනය කර ඇත.

ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම ද තහනම් කර තිබේ. ඊට අමතරව, කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ බාලිකා අධ්‍යාපනය ද තහනම් කර තිබේ.

ඇෆ්ගන් තලේබාන්වරුන් යළි බලය අත්පත් කරගත්තේ 2021 අගොස්තු මාසයේය. ඒ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS