ඇෆ්ගන් සරණාගතයන්ගෙන් ඉල්ලීමක්



සිය ලියාපදිංචි වීමේ කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලමින් පාකිස්තානයේ සිටින ඇෆ්ගනිස්තාන සරණාගතයෝ පිරිසක් ඉකුත් දා විරෝධතාවයක නිරත වූහ.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සරණගාතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඔවුහු එලෙස විරෝධතාවයේ නිරත වූහ.

මේ සම්බන්ධයෙන් සරණගාතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයෙන් දිගින් දිගටම විමසා සිටිය ද එම කාර්යාලයෙන් තමන්ට පැහැදිලි පිළිතුරක් නොලැබුණු බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.

“අපි දැන් මාස හතක් අටක් තිස්සේ අපේ පවුල් සහ දරුවොත් එක්ක පිළිතුරක් බලාගෙන ඉන්නවා. ඉස්ලාමාබාද් නුවර ජීවන වියදම ඉතාම ඉහළයි. ගෙයක් ගන්න එක ඉතාම දුෂ්කර දෙයක්” එක් විරෝධතාකරුවෙක් කීය.

මෙම විරෝධතාකරුවන් දින පහක් මුළුල්ලේ විරෝධතාවල නිරත වූ බව වාර්තා වූ අතර තෙවැනි දිනයේ දී එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පැමිණ සිය ප්‍රශ්නය දැක නැවත ගිය බව තවත් විරෝධතාකරුවෙක් කීය.

තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය ඇල්ලීමෙන් පසුව ඇෆ්ගන් වැසියන් බොහෝ පිරිසක් අසල්වැසි රටවලට පලා ගියහ.

(ඒ.එන්.අයි.)


RECOMMEND POSTS