ඇෆ්ගන් පොලිස්පති කාර් බෝම්බයෙන් මරුට



ඇෆ්ගනිස්තානයේ බඩාක්ෂාන් පළාතේ කාර් බෝම්බ පිපිරීමක් සිදුවිය. බෝම්බයට බිලි වූයේ ප්‍රාන්ත පොලිස්පතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු යැයි ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බෝම්බ ප්‍රහාරය සිදුවූයේ බඩාක්ෂාන් පොලිස් මූලස්ථානය ඉදිරියේය. පිපිරීමට හසුවීමෙන් තවත් දෙදෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. ප්‍රහාරයේ වගඛීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත.

ඇෆ්ගන් තලේබාන්වරුන්ට එරෙහිව යන ‘අයි.එස්.’ ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ.

(රොයිටර්)


RECOMMEND POSTS