ඇෆ්ගන් තලේබාන් රජයට දොස්



ඇෆ්ගන් කාන්තාවන්ට එරෙහිව, ඇෆ්ගන් තලේබාන් රජය සිදු කරන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හේතුවක් වී ඇත.

ඇෆ්ගන් තලේබාන් රජයට දොස් නගමින්, සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිය අප්‍රසාදය පළ කළ බව ද විදෙස් මාධ්‍ය පවසා තිබේ.

ඇෆ්ගන් තලේබාන්වරුන් යළි එරට බලය අත්පත් කරගත්තේ, 2021 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය.

මේ වනවිට තලේබාන් පාලකයන්, ඔවුන්ට ආවේණික ෂරියා නීතිය යළි ක්‍රියාත්මක් කර තිබේ. ඒ අනුව බාලිකා සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම්ය. කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල රැකියාව තහනම්ය.

‘ඇෆ්ගන් කාන්තාවන්ගේ මූලික අයිතීන් උදුරා ගන්න තලේබාන් පාලකයන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ඇෆ්ගන් තලේබාන් පාලකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට ඒ අනුව ඉදිරියේදී සිදුවේවි’ යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS