ඇලෙස්කාවේ කඩා වැටුණු යානයේ සුන්බුන් හමුවෙලා
ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇලෙස්කාව යනු ඇමෙරිකාවට අයත් ප්‍රාන්තයකි.
10 දෙනකු රැගත් ‘බේරිංග්’ ගුවන් සේවයට අයත් එම මගී යානය, ඇලස්කාවේ නෝම් නගරයට සැතපුම් 34ක් පමණ දුරින් වූ හිම සහ අයිස් පිරුණු කදුකර ප්‍රදේශයේ දී අතුරුදන් වුයේ පසුගිය 7 වැනිදා සවසය.
යානය, ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය තෙක් පියාසර කරමින් තිබුණු බව ද පැවැසෙයි. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර ඊට අයහපත් කාලගුණය හරස් විය.
කෙසේ නමුත් යානයේ සියලු දෙනා මියගිය බව තහවුරු වූයේ සුන්බුන් හමුවීමෙන් අනතුරුවය. මේ වනවිට තිදෙනකුගේ මළසිරුරු හමුවී ඇතැයි ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)