ඇල්බර්ටෝ ෆුජිමෝරි මියයයි



පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් බව පැවැසෙයි.

පේරු යනු ලතින් ඇමෙරිකා කලාපයට අයත් රාජ්‍යයකි. ඇල්බර්ටෝ ෆුජිමෝරි, පේරු ජනාධිපති ධුරය හෙබවූයේ 1990 වසරේ සිට 2000 දක්වා කාලයේය. මානව හිමිකම් උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් සහ දූෂණ වංචා සම්බන්ධයෙන් ෆුජිමෝරිට චෝදනා එල්ල වී තිබුණි. ෆුජිමෝරිට ජනාධිපති ධුරය අහිමිවූයේ එම චෝදනා නිසාය. 

එම චෝදනා හේතුවෙන් රටින් පලා ගොස් සිටි, ෆුජිමෝරි පේරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2005 දීය. එල්ල වී තිබුණු  චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වුණු අතර, වරදකරු වුණු ෆුජිමෝරිට වසර 25 ක සිරදඬුවම් නියම කෙරුණි.

පසුගිය 2023 දෙසැම්බරයේ දී වසර 15 කට පසු ෆුජිමෝරි නිදහස් වුණු අතර, එදා සිට මියයනතුරු ෆුජිමෝරි රැක බලාගත්තේ ඔහුගේ පුතා සහ දියණියයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS