ඇල්බර්ටා ප්‍රාන්තයේ ළැව් ගිනි දරුණු වෙයි



කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පැතිරෙන ළැව් ගිනි දරුණු වෙමින් පවතී. ගිනි නිවන භටයන්ගේ සහායට හමුදාව යෙදවීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ තීරණය කර ඇත.

මේ වනවිට ළැව් ගිනි 87 ක් ඇල්බර්ටා ප්‍රාන්තය පුරා පැතිරෙමින් පවතී. ඒවායින් ළැව් ගිනි 25 ක් පමණ පාලනය කිරීමට නොහැකි වී ඇතැයි ගිනි නිවන භටයෝ පවසති.

වියලි කාලගුණය සහ සුළං ළැව් ගිනි ව්‍යාප්ත කිරීමට හේතුවක් වී ඇතැයි කාලගුණ බලධාරීහු පැහැදිලි කරති. පසුගිය සති අන්තයේ අනතුරුදායක ප්‍රදේශවල පදිංචි වී සිටි 19,0000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

මේ අතර, කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ, හමුදාවේ මැදිහත් වි ගිනි නිවන භටයන් ද සමඟ ළැව් ගිනි පාලනය සිදුවන ආකාරය අධීක්ෂණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS