ඇමෙරිකාවේ සංගීත සැණකෙළියක තෙපීමක්



ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර සංගීත සැණකෙළියක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 17 කි.

සංගීත සැණකෙළිය සංවිධානය කර ඇත්තේ ජනප්‍රිය රැප් ගායක ට්‍රැවිස් ස්කොට් ය. දින 8 ක් තිස්සේ පැවැත්වීමට සැලැසුම් කළ 'ඇස්ට්‍රෝවර්ල්ඩ්' නමැති සංගීත සැණකෙළියේ පළමු දිනයේ මෙසේ තෙරපීම හටගෙන ඇත. එම අවස්ථාවේදී සැණකෙළි භූමියේ සිටි පිරිස 50,000 කට වැඩි යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

(ඒ.ඒෆ්.පී.)


RECOMMEND POSTS