ඇමෙරිකාවේ වෙඩි තැබීම්



ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවරත්, නිව්යෝක් ප්‍රාන්තයේත් සිදුවුණු වෙඩි තැබීම්වලින් 20 දෙනෙක් තුවාල ලැබූහ. දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් පොලිස් අත්අඩංගුවේ සිටිද්දී මියගියේ ද මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවරදීය. එම සිදුවීමෙන් පසු මිනියැපොලිස් පොලිස් නිලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල වුණු අතර නව පොලිස් ප්‍රතිසංස්කරණ පවා හඳුන්වා දීම සිදුවිය.

මිනියැපොලිස් නුවර සිදුවුණු එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගණන 11 කි. මියගිගොස් ඇතැයි පැවැසෙන්නේ මැදිවියේ තැනැත්තෙකි.

මිනියැපොලිස් නුවර වෙඩි තැබීම සිදුවී පැය කීපයක් ගත වෙද්දී, දෙවැනි වෙඩි තැබීම වාර්තා වූයේ නිව්යෝක් ජනපදයෙනි. එම වෙඩි තැබීමේ සිදුවීමෙන් 9 දෙනෙකු තුවාල ලැබූ බවත් 17 හැවිරිදි පාසල් සිසුවකු හිසට වෙඩි වැදීමෙන් මියගිය බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

මිනියැපොලිස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS