ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට



ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ෆාමින්ටන් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි තැබීම කළේ අවුරුදු 18 ක ගැටවරයෙකි. පොලිස් වෙඩි තැබීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය. ගැටවරයා පොලිසියට ද වෙඩි තබා ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද එම වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තුවාල ලැබූ බව පැවැසෙයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැකි බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු වෙමින් පවතින බවත් වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS