ඇමෙරිකාවේ වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ මිචිගන්හි සිදුවූ වෙඩි තැබීමකින් 9 දෙනෙක් තුවාල ලබා ලැබූහ. වෙඩිතැබීම සිදුවූයේ විනෝද උද්‍යානයකදීය. තුවාල ලැබූවන් අතර කුඩා දරුවෝ දෙදෙනෙක් ද වෙති. 

කඩිනමින් රෝහල්ගත කළ එම දරුවන් දෙදෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. උද්‍යානය අසල නිවසක සැඟව සිටියදී වෙඩික්කරු ද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පසුව අනාවරණය කළේය.

වෙඩි තැබීම සඳහා වෙඩික්කරු තුවක්කු දෙකක් යොදාගත් බව සිද්ධිය දුටුවෝ පවසතිත එසේ වුවත්, ඒ බව පොලිසිය විසින් තහවුරු කරනු ලැබ නැත. වෙඩික්කරු අවුරුදු 42 ක් පමණ වයසැති අයකු යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS