ඇමෙරිකාවේ වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොබයිල් සිටි නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුවූයේ අවුරුදු උදාවට පැය කීපයක් තිබියදීය.

වෙඩි ප්‍රහාරයට ලක් වූයේ 2023 නව වසර සැමරීමට නගරයට එක්රොක් වූ නගර වැසියන් කීප දෙනෙකි. වෙඩි ප්‍රහාරයෙක් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තවත් කීප දෙනෙක් තුවාල ලැබූහ.

මේ අතර, 2023 නව වසර සැමරීමට සූදානම් වෙද්දී, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ටයිම්ස් චතුරස්‍රයට රැස්වුණු පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරයට ලක් වුණු පිරිස අතරේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව පැවැසෙයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි නිව්යෝක් පොලිස්පති මාධ්‍ය හමුවේ පවසා ඇත. පිහි ප්‍රහාරය එල්ල වූයේ නිව්යෝක් වේලාවෙන් රාත්‍රී 10 ට පමණ යැයි මාධ්‍ය වාර්තා පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS