ඇමෙරිකාවේ යුද අපරාධ පිළිබඳ විමර්ශනයක්



ඇමෙරිකන් සොල්දාදුවන් ඇෆ්ගනිස්තානයේ සිදු කළැයි පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අන්තර් ජාතික අපරාධ අධිකරණය ඊයේ (5) තීරණය කළේය.

ඒ අනුව, විමර්ශනයක් පැවැත්වෙන්නේ, 2003 මැයි මාසයේ සිට ඇෆ්ගන් රජය, තලේබාන් සංවිධානය සහ ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානය තුළ සිදු කළැයි පැවැසෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙනි.

මීට පෙර ද ඇමෙරිකා සොලද්දුවන් විසින් සිදු කළැයි පැවැසෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික අපරාධ අධිකරණය විමර්ශනයක් පැවැත්වීමට සූදානම් වුවත්, ඇමෙරිකාව ඊට හරස් විය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම අවස්ථාවේදී කියා සිටියේ, ඇමෙරිකාවට චෝදනා කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවත්, අන්තර් ජාතික අපරාධ අධිකරණය එසේ චෝදනා එල්ල කරන්නේ නම්, එහි ඵලවිපාකවලට මුහුණදීමට සූදානමින් සිටිය යුතු බවත්ය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ඊයේ (5) කියා සිටියේ අන්තර් ජාතික අපරාධ අධිකරණය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවය. ඇමෙරිකන් සොල්දාදුවන් ආරක්ෂා කිරීමට ඇමෙරිකන් රජය ඉදිරිපත් වන බව ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පොම්පේඕ අවධාරණය කළේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS