ඇමෙරිකාවේ මුවන්ටත් ’කොවිඩ් 19’



ඇමෙරිකාවේ, ඔහියෝ ප්‍රාන්තයේ වන රක්ෂිතවල මුවන් විශේෂයකට ද 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකන් වන ජීවී නිලධාරීහු පවසති. මුවන්ට 'කොවිඩ් 19' වයිරසය ආසානය වුණු පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වර්තා පෙන්වා දෙයි.

'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගෙන ඇත්තේ ඔහියෝ වනරක්ෂිතයේ ජීවත් වන සුදු වලිග ඇති මුවන්ටය. අහඹු ලෙස මුවකු පරීක්ෂා කළ අවස්ථාවේදී වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

කෙසේ නමුත්, ඔවුන්ට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඒ අනුව, 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වූ සතුන්ගේ ලැයිස්තුව තව දුරටත් පුළුල්ව වෙයි.

මේවනවිට බල්ලන්, බළලුන්, ව්‍යාඝ්‍රයන්, සිංහයන්, හිම දිවියන්, දිය බල්ලන්, ගෝරිල්ලන් සහ මුගටියන් ආදී ක්ෂීරපායී සතුන්ට මනුෂ්‍යයන් හරහා 'කොවිඩ් 19' ආසාදනය වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS