ඇමෙරිකාවේ පොඩ්ඩන්ට ’කොවිඩ්’ එන්නත් දීමට අවසර



ඇමෙරිකාවේ අවුරුදු පහ සහ ඊට අඩු දරුවන් සඳහා 'කොවිඩ් 19' එන්නත් ලබා දීමට එරට 'ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය' නිර්දේශ කර තිබේ.

'ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය' මෙම තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකන් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ සහ උපදෙස් අනුවය. ඒ අනුව, 'කොවිඩ් 19' සඳහා එන්නත් ලබා දීම ආරම්භ වන්නේ මාස 6 න් පසුවය.

'ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය' ගත් මෙම තීරනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කළේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩවන්ය. බයිඩන් කියා සිටියේ මෙය ඇමෙරිකන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් වනු ඇති බවය.

'ඔමික්‍රොන්' නිසා 'කොවිඩ් 19' වසංගතයේ සැර බාල වී ඇතතත්, තවමත් ලොව වැඩියෙන්ම 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS