ඇමෙරිකාවේ එන්නත් කැනඩාවට



ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක්වී නිපදනවා ඇති ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නත් ඉදිරි දිනවල කැනඩාවට ලැබෙනු ඇති බවත්, ලබන ජනවාරියේ සිට එන්නත් ලබා දීම සිදු කරන බවත් කැනඩා රජය පවසයි.

ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ බයෝ ඇන්ටෙක් සමාගම සමඟ හවුල් වෙමිනි. ඇමෙරිකාවේ මොඩර්නා සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ සියයට සියයක් ඇමෙරිකන් තාක්ෂණය යොදා ගනිමිනි.

‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ සමාගමේ එන්නතට, කැනඩා රජයේ අනුමැතිය හිමිවී ඇත්තේ, කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින්, හදිසි තත්ත්වයක් ලෙස සලකා එන්නත් මිලදී ගැනීම සිදු කරන බව පැවැසෙයි.

ඔටෝවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS