ඇමෙරිකාවෙන් පළමු කොරෝනා මරණය
ඇමෙරිකාවෙන් පළමු කොරෝනා මරණය අද (1) වාර්තා විය. ඒ සමඟම ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙන ඉතාලියට, දකුණු කොරියාවට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකානුවන්ට උපදෙස් ලැබුණි.
ඇමෙරිකාවේ කොරෝනා වයිරසය මැඬලීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ඒ, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අධීක්ෂණය අනුවය. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් යටතේය.
ඇමෙරිකාවෙන් මේ වනවිට ‘කෝවිඞ් 19’ ආසාදිතයන් 62 ක් වාර්තා වෙයි. ඔවුන් අතර ජපානයේ නිරෝධායනය කළ ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නෞකාවේ සිට ඇමෙරිකාවට ගෙන්වා ගත් අය ද සිටින බව පැවැසෙයි. විදේශවලින් වයිරසය ඇමෙරිකාවට ව්‍යාප්තවීමෙන් පසු, ඇමෙරිකාව තුළ වයිරසය ව්‍යාප්තවීමෙන් විසි දෙදෙනෙක් රෝගී වූහ. එසේ රෝගී වූවන්ගෙන් 15 සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි ද පැවැසෙයි.
වොෂින්ටනයේදීය (රොයිටර්)