ඇමෙරිකාව හෙල්ලෙයි



රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ සැන් ඩියේගෝ නුවර සෙලවිණි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය ලොස් ඇන්ජලීස් සහ ඔරේන්ජ් ප්‍රාන්තවලටත් දැණුනු බව පැවැසෙයි.

භූ කම්පනයේ බලපෑමත් සමඟ සැන් ඩියාගෝ හි සෆාරි උද්‍යානයේ වෙසෙන අලි රංචුවක් ද කලබලයට පත් වී උන්ගේ පැටවුන් මැදි කර ගනිමින් ආරක්ෂාවට එක පොදියට ළං වන අයුරු දැක්වෙන වීඩියෝවක් සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රසිද්ධියට පත් කර ඇත.

 


RECOMMEND POSTS