ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට උනන්දුවක් නෑ



ඇමෙරිකාව සමඟ සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියාව උනන්දුවක් නොදක්වන බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

බයිඩන්ට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පැවැත්වීය. ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ හමුවීම් ද පැවැත්විණි.

උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට එකඟ කර ගැනීමට ට්‍රම්ප් සමත් වුවත්, ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමින් න්‍යෂ්ටික අවිහරණයක් සිදුනොවිණි.

ට්‍රම්ප්ගෙන් පසු ජනාධිපති ධුරයට පත් ජෝ බයිඩන් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද අවස්ථා ගණනාවකදී උතුරු කොරියාව සමඟ සාකච්ඡා පවත්වා යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක වී තිබේ.

මේ වනවිට උතුරු කොරියාව යළිත් වරක් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඇමෙරිකාව අනතුරු අඟවා ඇත්තේ උතුරු කොරියාව දිගින් දිගටම ‘හිතුවක්කාර’ අන්දමින් කටයුතු කරන්නේ නම්, එරටට එරෙහිව දැඩි පියවර ගැනීමට තමන් පසුබට නොවන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS