ඇමෙරිකාව ඩෙන්මාර්කය ඔත්තු බැලුවැයි චෝදනා



යුරෝපා රටවල රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් ඔත්තු බැලීම් කළැයි ඇමෙරිකාවටත් ඩෙන්මාර්කයටත් චෝදනා එල්ල වී ඇත.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය, ඩෙන්මාර්කයේ ආරක්ෂක අංශ සහයෝගයෙන් යුරෝපා රටවල නායකයන් ගැන ඔත්තු බැලීම් කර ඇත්තේ 2012 සිට 2014 තෙක් කාලයේය. ඩෙන්මාර්කය ද යුරෝපා කලාපීය රාජ්‍යයකි.

ඇමෙරිකාව සහ ඩෙන්මාර්ක ආරක්ෂක අංශ එක් වී කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් ආනාවරණය කළේ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්ය.

තමන් ගැන පමණක් නොව, ප්‍රංශ ජනාධිපති සහ නෝර්වේ අග්‍රාමාත්‍යවරයා ගැනත් ආරක්ෂක අංශ ඔත්තු බැලීම් කළ බව ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් පවසා ඇත.

බර්ලීන් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS