ඇමෙරිකාව එක්ක කතා කරන්න දෙයක් නෑ



පැනමා ඇළ සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කතා කිරීමට කිසිවක් නැතැයි පැනමා ජනාධිපති හෝසේ රාවුල් මුලීනෝ පවසයි. 

පැනමා ඇළ වැටී ඇත්තේ පැනමාව හරහාය. මෙය ඉදි කිරීම සිදු කළේ ඇමෙරිකාවය. පසුව ඇළ පැනමා රජයට පවරා දෙනු ලැබුණි. ඇමෙරිකන් ජනාධිපති ඩානල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ, පැනමා ඇළ හරහා යන එන ඇමෙරිකන් නැව්වලින් පැනමා රජය අනවශ්‍ය ලෙස විශාල මුදලක් ලබා ගන්නා බවය.

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ තමන් පැනමා ඇළ යළි ඇමෙරිකාවට පවරා ගැනීමට උත්සහ ගන්නා බවය. මෙය පැනමා ජනාධිපතිවරයාගේත්, පැනමා රජයේත් විරෝධයට හේතුවක් වී ඇත.

පැනමා ඇළ සම්බන්ධයෙන් හටගත් එම අර්බුදය ගැන පැනමා රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැනමාව බලා පැමිණීමට ද සූදානමින් සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS