ඇමෙරිකන් ප්‍රහාරක යානයක් කඩා වැටේ



‘එෆ්.16’ වර්ගයේ ඇමෙරිකන් ප්‍රහාරක ජෙට් යානයක්, දකුණු කොරියාවේ බටහිර මුහුදට කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේය. යානයේ නියමුවා, පැරෂූට් ආධාරෙයන්, දිවි බේරාගෙන ඇත.

දකුණු කොරියාවේ ඇමෙරිකන් හමුදා කඳවුරු ඇත. එයින් කඳවුරු දෙකක් ඇත්තේ දකුණු කොරියාවේ බටහිර මුහුදු තීරයේය.

මීට පෙර ද දකුණු කොරියාවේ ඇමෙරිකන් හමුදා කඳවුරකට අයත් ප්‍රහාරක යානයක් මේ අයුරින් අනතුරට ලක්විය. ඒ, පසුගිය දෙසැම්බර් මාසයේය. එම අවස්ථාවේදී ද කඩා වැටුණේ එෆ්.16 වර්ගයේ ප්‍රහාරක යානයකි.


RECOMMEND POSTS