ඇමෙරිකන් ජනපති සුබ පතයි



බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය හිමිවීමෙන් පසු එරට නව අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ ලිස් ට්‍රස් ට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුම් එක් කර තිබේ. ඒ, ට්විටර් පණිවුඩයක් ඔස්සේය.

නව අගමැතිනී ලිස් ට්‍රස් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවත්, ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතර යහපත් සබඳතා තව තවත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.

ලිස් ට්‍රස්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්විමත් සමඟ සිය රට සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනට සහාය දැක්විමේ දී සිය රට සමඟ එක් ව තිරණ ගන්නා මෙන් ජනපති ජෝ බයිඩන් නව අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS