ඇමෙරිකන් ආරක්ෂක යුක්රේනයේ



ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, කියා සිටියේ බයිඩන් පරිපාලනය තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක යුද ආධාර යුක්රේනයට ලබා දීමට තීරණය කළ බවය.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා යුක්රේනයට ගියේ පෙර දැනුම් දීමකින් තොරවය. ඒ, ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමිනි.

රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනය අමතක නොකරන බවත්, දිගින් දිගටම යුක්රේනයට සහාය පළ කරන බවත් පෙන්වමින්, ලොයිඞ් ඔස්ටින් යුක්රේන ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේය. 2022 අප්‍රේල් මාසයෙන් පසු ලොයිඞ් ඔස්ටින්, යුක්රේනයට ආ දෙවැනි අවස්ථාව මෙයයි.


RECOMMEND POSTS