ඇන්තනි ෆවුචි නිරෝධායනයේ
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පිහිටුවූ කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානියා මෙන්ම ඇමෙරිකානු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන වෛද්‍ය ඇන්තනි ෆවුචි දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් වී සිටින බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.
වෛද්‍ය ඇන්තනි ෆවුචි නිරෝධායනයට ලක් කෙරුණේ පසුගිය දිනවල ඔහු ඇසුරු කළ අයකු ‘කොවිඞ් 19’ ආසාදිතයකු යැයි තහවුරු වූ බැවින් යැයි පැවැසෙයි.
79 හැවිරිදි ෆවුචි ඇමෙරිකානු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ 1984 වසරේ සිටය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ‘කොවිඞ් 19’ වයිරසය අවතක්සේරු කරද්දී, වයිරසයේ බිහිසුණු ස්වරූපය ඇමෙරිකානුවන්ට නිරන්තරයෙන් පෙන්වා දුන්නේ ෆවුචි ය.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඔහු විසින් පිහිටුවනු ලැබූ කොරෝනා කාර්ය සාධක බලකාය විසුරුවා හැරීමට පසුගිය දා පියවර ගත්තේය.
ඒ, ‘ලොක් ඩවුන්’ කළ ඇමෙරිකාව අදියර වශයෙන් යළි විවෘත කිරීමට සැලැසුම් කරද්දීය. මෙම කාර්යා සාධක බලකායේ මෙහෙයවීම් කටයුතු පැවැරී තිබුණේ ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස්ටය.
වොෂින්ටනයේදීය (රොයිටර්)