ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරට ඉන්දියාවට



සාමාජික රටවල් 15 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය මෙම දෙසැම්බර් මාසය සඳහා ඉන්දියාවට හිමිවී ඇත.

ඉන්දියාවට මෙසේ යළිත් වරක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය හිමිවූයේ 2021 අගෝස්තු මාසයෙන් පසුව යැයි ද පැවැසෙයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය ඉන්දියාවට හිමි වෙද්දී, සභාපති පුටටුවේ අසුන් ගැනීමට පෙර ඉන්දියාව නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය රුචිරා කාම්බෝජ්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ලේකම් සාබා කොරෝෂි ද හමුවුවාය.

(රොයිටර්)


RECOMMEND POSTS