ආයෝජනවලට හොඳම වෙලාව ඇවිල්ලා



ඉන්දියාව සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ‘සුදුසුම‘ වේලාව එලැඹී ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙසේ පැවැසුවේ, අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ලෝක ආර්ථික සන්සදයේ ‘ඩාවෝස්’ ඔන්ලයින් සමුළුවට එක් වී ලෝක නායකයන් ආමන්ත්‍රණය කරමිනි.

ඉන්දියාව ලෝකයේ අංක එකේ ‘ආයෝජන කේන්ද්‍රස්ථානය’ බවට පත් කිරීමට තමන් ප්‍රමුඛ තම රජය පියවර රැසක් ගෙන ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි වැඩි දුරටත් පැවැසුවේය.

“ව්‍යවසායකත්වය ඉන්දීය තරුණ තරුණියනගේ ආත්මයට මුසුවී ඇති දෙයක්. නව්‍යකරණයට සහ නව තාක්ෂණය භාවිත කිරීමට ඔවුන් තුළ සුශේෂී උනන්දුව විශිෂ්ටයි. ඒ නිසා ඉන්දියාව සමඟ ආයෝජනයට ඉදිරිපත් වෙන්න. නව ගමනක් ආරම්භ කරන්න අප සැමට හැකිවේවි” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS