අවුන් සාන් සූ කී ජය ගනී
මියන්මාර මහ මැතිවරණය පෙරේදා 8 වැනිදා පැවැත්වුණු අතර, එරට නිල නොවන අවුන් සාන් සූ කී ප්රමුඛ ඇගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය ජය තහවුරු කර ගැනීමට සමත් විය.
හමුදා පාලනය අවසන් වීමෙන් පසු මියන්මාරයේ පැවැති දෙවැනි මහ මැතිවරණය මෙයයි. හමුදා පාලනය අවසන් වීමෙන් පසු පළමු මැතිවරණය පැවැත්වූයේ 2015 දීය. එයින් සූ කීගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය අති විශිෂ්ඨ ජයක් අත්පත් කර ගනිමින් පළමු වරට බලයට පැමිණියේය.
නිකුත් කළ මැතිවරණය පැවැත්වූයේ පාර්ලිමේන්තු ආසන සහ පළාත් සභා 1,117 ක් සඳහා නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙනි. දේශපාලන පක්ෂ 91 ක් අපේක්ෂකයන් 5,639 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වී සිටි බව වාර්තා වේ.
මහ මැතිවරණය පැවැත්වූයේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍යයේය. මෙවර මියන්මාර වැසියෝ මිලියන 37.3 ක් ඡන්දය ප්‍රකාශ කළ බව එරට මැතිවරණ කොමිසම පවසා තිබුණි.
යැංගොන්හිදීය (රොයිටර්)