අවසන් නිවේදනය



ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ "අවසන් නිවේදනය" පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.

 "අවසන් නිවේදනය" පෙළපාළියට 10,000 පමණ පිරිසක් සහභාගී වූ අතර එම පිරිසට 20,000 ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකට මුහුණදීමට සිදුවිය. පෙළපාලියට සහභාගී වූවන් ඉස්ලාමාබාද් නගරයේ ඒකරාශී වීමට බලාපොරත්තු වූ මහජන චතුරශ්‍රය ආසන්නයටම පැමිණි බවද පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී පෙළපාළියට සහභාගී වූ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් සහ පොලිසිය අතර දවසක් පුරා පැවැති ගැටුම් පැවැති බවත් එම ගැටුම් අවසන් කරමින් පෙළපාළිය තාවකාලිකව නවතා දමන බවට තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය නිවේදනය කළ බවත් පාකිස්තාන පොලිසිය පැවැසුවේය


RECOMMEND POSTS