අලි ඇතුන් හදා වඩා ගැනීම තහනම්



අලි ඇතුන් හීලෑ කිරීම සහ උන් හදා වඩා ගැනීම තහනම් කරමින් එරට අධිකරණයක් තීන්දුවක් ලබා දී ඇත.

අධිකරණය මෙසේ තීන්දු කර ඇත්තේ එරට අලි ඇතුන් වඳවීමේ තර්ජනයට ලක් වී සිටින බැවිනි. අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන බොහොමයක් සතුට පළ කර ඇත.

මේ වනවිට බංග්ලාදේශයේ සිටින අලි ඇතුන් ගණන 200 ක් පමණය. උන්ගෙන් අඩක් පමණ හීලෑ අලි ඇතුන් ලෙස හදා වඩා ගැනීම සිදුවෙයි. දඩයම් කිරීම් හේතුවෙන් සහ වන විනාශය හේතුවෙන් වන අලි ගහණය වේගයෙන් අඩු වී ඇත.

(බීබීසී)


RECOMMEND POSTS