අයිෆල් කුලුන අසල පිහි ප්‍රහාරයක්



ප්‍රංශයේ පැරිස් නුවර, අයිෆල් කුලුන අසලදී, තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු 23 හැවිරිදි තරුණයකු බවත් පැවැසෙයි. අයිෆල් කුලුන නැරැඹීමට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වන්න ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මෙම පුද්ගලයා 2016 වසරේදී ද වෙනත් ප්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධයෙන් වසර 7 ක සිරදඬුවමක් නියම වූ තැනැත්තෙකි. සැකකරු මුස්ලිම් සම්භවයක් ඇත්තෙකු බව ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දිගටම විමර්ශන පැවැත්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS