අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරේ



අයිස්ලන්තයෙන් ගිනිකඳු රැසක් සක්‍රිය වී පුපුරා යෑමට නියමිත බව වාර්තා වේ. ගිනි කඳු මෙසේ සක්‍රීය වූයේ භූ කම්පන මාලාවකින් පසුව යැයි ද පැවැසෙයි.

ගිනි කඳු පිපිරීම් හේතුවෙන් වසර 800 කට පසු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ගිනිකඳු ආශ්‍රිතව පිහිටි නගරවල වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට අයිස්ලන්ත බලධාරීන් පියවර ගෙන ඇත. ලොව වඩාත් සක්‍රීය ගිනිකඳු රැසක් ඇත්තේ අයිස්ලන්තයේය.

භූ කම්පන හටගත්තේ පසුගිය සති අන්තයේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ  පැය 14 ක් තුළ, භූමි කම්පා මාලාවක් හටගත් බවය. හටගත් සියලු භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 5 සීමාව පසු කර ඇතැයි වාර්තා විය.


RECOMMEND POSTS