අභ්‍යවකාශ නැවැතුම්පොළේ දුගදක්
පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ දුගදක් හමන බව මේ වනවිට එහි රැඳී සිටින ගගනගාමීන් මැසිවිලි නගති.
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රුසියානු ගගනගාමීන් වෙනුවෙන් විශේෂ කලාපයක් වෙන් කර ඇති අතර, දුගද හමන්නේ එම කලාපයෙන් බවත්, රුසියන් අභ්‍යවකාශ ඒජන්සියේ සෝයූස් කැප්සියුලයක් එම කලාපයට පැමිණීමෙන් පසු මෙසේ දුගද හැමීම ආරම්භ වූ බවත් පැවැසෙයි.
කැප්සියුලය පැමිණ ඇත්තේ රුසියන් ගගනගාමීන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.