අබිරහස් රෝගයෙන් ඉන්දියානුවෙක් මියයයි
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ එල්ලුරු නගරයේ පැතිරෙන අබිරහස් රෝගය හේතුවෙන් එක් අයකු මියගිය බව ඊයේ (8) වාර්තා විය.
ඊයේ වනවිට අබිරහස් රෝගයට ගොදුරු වුණු එල්ලූරු වැසියන් ගණන 340 ක් බව පැවැසිණි. කැරකිල්ල, ඔක්කාරය, වමනය, සිහිසුන්වීම සහ අපස්මාර තත්ත්වයක් ඇතිවීම රෝග ලක්ෂණ බව පැවැසෙන අතර, රෝගී වූ වැඩි දෙනා කුඩා දරුවන් බව ද පැවැසෙයි. කුඩා දරුවන් ඇස් දැවිල්ල තත්ත්වයකින් ද පීඩා විඳින බව එල්ලූරු වෛද්‍යවරු පෙන්වා දෙති.
ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්ත සෞඛ්‍ය අමත්‍යාංශයේ මැදිහත් වී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් රෝගී තත්ත්වය කුමක්දැයි සොයා බැලීමට යොදවා ඇති බව ද වාර්තා වේ. එල්ලූරු වැසියන් මෙසේ අබිරහස් රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවට විශාල බලපෑමක් එල්ල වී ඇති අවස්ථාවකය.
එල්ලුරු නුවරදීය (රොයිටර්)