අබිරහස් රෝගය: ඊයම්-නිකල් විෂවීමක්
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ එල්ලූරු නගරයේ කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනකු අබිරහස් ලෙස රෝගී වූයේ, ඊයම් සහ නිකල් විෂවීමක් නිසා බව මේ වනවිට තහවුරු වී තිබේ.
එල්ලූරු වැසියන්, 600 ක වැඩි පිරිසක් හිටිහැටියේ රෝගී වූයේ මීට සති කීපයකට පෙරය. රෝගී වූ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණැයි ද වාර්තා විය. රෝග ලක්ෂණ ලෙස වාර්තා වූයේ අපස්මාර තත්ත්වයක් ඇතිවීම, කැරකිල්ල, ඔක්කාරය සහ හිටිහැටියේ සිහිසුන්වීමය.
ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වී, රෝගයේ සුලමුල සෙවීමට විශේෂ විමර්ශනයක් පැවැත් වූ අතර, ඊයම් සහ නිකල් විෂවීමක් සිදුවුණු බව තහවුරු වී ඇත. ඊයම් සහ නිකල් හමුවී ඇත්තේ සිදු කළ රුධිර සාම්පලවලදීය. වැඩි දුර විමර්ශන කටයුතු කරද්දී, එල්ලූරු වැසියන් පානය කළ කිරිවල නිකල් සංඝටක තිබී හමුවී ඇතැයි ද පැවැසෙයි.
එල්ලූරුහිදීය (එන්.ඩී.ටීවි.)