අපි අමාරුවේ වැටුණා: දකුණු අප්‍රිකාවෙන් මැසිවිලි



‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේදය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවීම සහ එය ලොවට අනාවරණය කිරීම හේතුවෙන් ලෝකයා තමන්ට දඬුවම් කිරීමට පටන්ගෙන ඇතැයි දකුණු අප්‍රිකාව මැසිවිලි නගයි.

දකුණු අප්‍රිකාවනේ හඳුනාගත් කොවිඩ්-19 වයිරසයේ නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් හේතුවෙන් ලොව රටවල් බොහෝමයක් මේ වනවිට දකුණු අප්‍රිකාවට සංචාරක තහනම් සහ සීමා පනවා ඇති අතර දකුණු අප්‍රිකාව පසුවන්නේ හුදෙකලා තත්ත්වයකය. මෙය දකුණු අප්‍රිකාවේ සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයේ තවත් අංශ රැසකට දරුණු බලපෑමක් එල්ල වනු ඇතැයි පැවැසෙයි.

දකුණු අප්‍රිකාව ලොව හොඳම වසංගතවේදීන් සහ විද්‍යාඥයන් සිටින රටවලින් එකක් වන අතර ඔමික්‍රෝන් වයිරසයේ මුල් අවදියේදීම එය සොයාගැනීමට දකුණු අප්‍රිකාවේ වසංගතවේදීහු සහ විද්‍යාඥයෝ සමත්වූහ. ඔමික්‍රෝන් විකෘතිය දකුණු අප්‍රිකා විද්‍යාඥයන් ලොවට හෙලි කළත් එය ආරම්භය සිදුවී ඇත්තේ අසල්වැසි බොට්ස්වානා රාජ්‍යයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS