අප්‍රිකාව පෝලියෝවෙන් නිදහස්
අප්‍රිකානු මහද්වීපය පෝලියෝ වයිරසයෙන් නිදහස් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.
එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය දශක ගණනාවක් තිස්සේ ලොව පැතිර ගොස් තිබූ පෝලියෝ වයිරසය තුරන් කිරීම සඳහා දැවන්ත අරගලයක නිරත විය.
අද අප්‍රිකාවට ඓතිහාසික දවසක්’ යැයි මහාචාර්ය රෝස් ගානා ෆොම්බන් ලෙකේ ප්‍රකාශ කළාය. පසුගිය වසර හතරක කාලයේදී අප්‍රිකාවෙන් කිසිදු පෝලියෝ වයිරස ආසාදිත සිදුවීමක් වාර්තා වී නැතැයි ඇය සඳහන් කළාය. ඇය මූලිකත්වය දරන කොමිසම ද ඒ බව තහවුරු කළාය.
වයිරසය තුරන් වී ඇති බව සනාථ කිරීමේ නිර්ණායක වන්නේ වසර හතරක කාලයක් තුළ දී කිසිදු ආසාදිතයකු හමු නොවීම ය.
මෙම නව ජයග්‍රහණයත් සමඟ අප්‍රිකානු මහද්වීපයෙන් අතුගා දැමූ වයිරස ගොන්නට පෝලියෝ වයිරසය ද ඇතුළත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය. වසූරිය ද අප්‍රිකාවෙන් තුරන් කරන ලද වයිරසයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)