අප්‍රිකා අල් කයිඩා නායකයා මරා දැමේ



උතුරු අප්‍රිකාවේ ක්‍රියාත්මක අල් කයිඩා සංවිධානයේ නායක අබ්දෙල්මල්කේ ඩ්‍රොවුක්ඩෙල් මරා දැමීමට මාලි හමුදාව සමත් වුණැයි මාලි ආරක්ෂක ඇමැති ෆ්ලොරෙන්ස් පාලේ පවසා ඇත.

අල් කයිඩා ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී ප්‍රංශ හමුදාවේ සහාය මාලි හමුදාවට හිමිවෙයි. අතීතයේ මාලි රාජ්‍යය ප්‍රංශ යටත් විජිතයක් වී තිබුණි.

අබ්දෙල්මල්කේ ඩ්‍රොවුක්ඩෙල් ඝාතන මෙහෙයුමට ප්‍රංශ හමුදා සොල්දාදුවන්ගේ සහාය ද හිමිවුණු බව ෆ්ලොරෙන්ස් පාලේ වැඩිදුරටත් කියා සිටී. ප්‍රහාර එල්ල වෙද්දී අබ්දෙල්මල්කේ ඩ්‍රොවුක්ඩෙල් සමඟ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනකු සිටි බවත් ඔවුන් ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණු බවත් මාලි ආරක්ෂක ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

බමාකෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS