අපරාධකරුවන් එල්ලා මරයි
ඉන්දීය වෛද්‍ය සිසුවිය අමානුෂික අයුරින් සමූහ දූෂණය කළ අපරාධකරුවන් සිවුදෙනාගේ මරණ දඬුවම අද (20) උදෑසන ක්‍රියාත්මක විය.
‘නිර්භයා’ යන නමින් හැඳින්වෙන එම වෛද්‍ය සිසුවිය අමානුෂික අයුරින් සමූහ දූෂණයට ලක් වූයේ 2012 වසරේදීය. ඇය මියගියේ ලැබූ දරුණු තුවාල හේතුවෙන් දින කීපයකට පසුවය.
අපරාධකරුවන් එල්ලා මරා දැමීම අවස්ථා කිහිපයකදී කල් දැමුණු නමුත් අද දිනයේ තිහාර් බන්ධනාගාරයේ දී එය සිදුවිය.
(රොයිටර්)